ජීවිතයේ සමහර දේවල් වචනවලින් හෝ වාක්‍යවලින් හෝ නවකතාවලින් හෝ කෙටිකතාවලින් හෝ චිත‍්‍රපටියකින් හෝ (මෙගා)ටෙලිනාට්‍යකින් හෝ ඉවරයක් කරගන්නවත් තේරුම් කරන්නත් අමාරු දෙයක්,
අහසේ තරු අතර
මුහුදේ රැළි අතර
වෙරළේ වැලි අතර
ගහ කොළ මල් අතර
ඔබේ ඇස් ළඟ
මගේ ඇස් වල
සීත දෙතොල් මැද
රළු උනත්
සිනිඳු උනත්
අතැඟිලි අතර
උරහිසක තියන්
ළමැද මුහුණත තියන්
දකින්න කැමති ජීවිතය ගැන ලියන්න
ඔබට පුළුවන් එකම එක කවියක්ව
දහසක් හිත් වලට තමන්ගෙම කියලා දැනෙන්න
ඒ කවිය ලියන්න.
පාට නැති
වර්ණ ඇති කළු සුදු අළු මත
ඒ කවිය ඔබෙයි
ඒ කවිය අපෙයි
ඒ කවිය රටෙයි
ඒ කවිය ලොවටමයි
එවිට කවි ලියන ඔබව මුළු ලොවම කියවයි.
කවදාවත් අමතක නොකරයි....
No comments:
Post a Comment