කාමරේ අඳුරෙ මං තනිවෙලා






















දුරුත්තෙ හීතල වැඩිකරං වැස්ස වැටෙන්න ගත්තා
හෙමින්
හෙමින්
ගලනවා
පොද
පොද
ජනේලෙන්
බේ
රි
බේ
රි


ලියන මේසෙ උඩ මං බලන් උන්නා
පුංචි රෝස මලක් තෙමෙන්න වගේ උඩ පනිනවා
පෙතිවලට රිදෙන හින්දා
මං ඇඳ දිහා බැලූවෙ තනිකමට
තාමත් ඇඳිල පේනවා
රතුපාට කුඬේ අස්සෙන්
කලූපාට සූට් කේස් එකක් අරගෙන
ඊටත් වඩා මගේ මුළු බලාපොරොත්තු රොත්තම
අරං
ඇය....යන්න ගියපු විදිහ
කෝපි කෝප්පයෙ අඩියෙන්
සාස්තරයක් බලන්න හැදුවා
පොතක දැක්කා
හැරී පෝටර් එකේ තියෙනවා
ඒත් සාස්තරේ දන්නෙ නැතිව නිකං කෙරෙයි
කූඩු දිහා බලන් ඉඳල හරියන්නෙ නැහැනෙ
හීතල තවත් වැඩි වුණා
පරිස්සමට අල්මාරියෙ අරන් තියපු
ඇගේ ලේන්සුව අතට ගත්තා
ඒකෙන් හීතල වහගන්න පොරව ගන්න බැහැ
ඒත් ආත්මය
ඒ සුවඳින් වැහිලා ගියා
මූණ උඩට ලේන්සුව දාගත්ත මං
දිග හුස්මක් පිටකළා
තවත් එක් වැහිබර දවසක්
කාමරේ අඳුරෙ මං තනිවෙලා


රසොමන්

No comments:

Post a Comment