ඉතින් ඔබට මෙසේ ලියමි














අමාවකට පුරහඳ නෑ    පායන්න
මල් පිපුණට බඹරිඳු නෑ     රොන් ගන්න
හිස් අහසට තරු මල් නෑ     පායන්න
සිත රිදුණට ඔබ අද නෑ     ළඟ ඉන්න


කොයි පේ‍්‍රමය ද ලොව එක වර     පිළිගත්තේ
කරදර නිසා මා හැර ගිය බව නෑ     පිළිගන්නේ
මට නොකියන ඔබ තුළ ”කටුවක්”     ඇත්තේ
නොකීවාට කම් නැත! මට ඒ බව     දැනුණේ


රූරා වැටෙන මගේ කඳුළු     පිසලන්න
මුළු ලෝකයාම මගෙ ළඟ නැහැ අද     ඔන්න
නොහැකිව මගේ වැලපෙන සිත     සනසා ගන්න
සිතුණා ඔබට මේ පද වැල     පබදින්න


මගේ දුක වුණත් ඔබෙ සතුටක් වේ     නම්
ඒ දුක විඳින්නට මම කවදත්     සූදානම්
ඔබේ ම වෙන්නට මා පින්කර     නැත්නම්
ඔබේ මතකයේ සැමදා ජීවත්     වෙන්නම්


”ජීවය” ආදරය එක මෙන් රැක     ගන්න
”විශ්වාසය” සවියකි එය දැන     ගන්න
ඔබේ අලූත් ජීවිතයේ සතුටින්     ඉන්න
පතමි ! ඔබට සැමදා සැපතක්     වෙන්න

ඞී.කේ.ජේ. විජේකෝන් - මාතර

No comments:

Post a Comment