138 කොට්ටාව - පිටකොටුව










.
මෙම ආසනය
ගැබිනි මව්වරුන් සඳහා වෙන් කර ඇත
.
මෙම ආසනය මත
රතු පාටින් බැබලෙන
පැණි වෑහෙන
චෙරි ගෙඩියක්
.
" ර් ටි ෆි ල් " චෙරි ගෙඩියක් - ප්ලාස්ටික්
.
එනමුඳු අපූරුවට පිපුනු චෙරි ගෙඩියක්
.
මසිතින් විදිමි රස දැනෙන
විට දිවඟ මත තබන
චෙරි ගෙඩිය
.
නිරුවත් චෙරි ගෙඩිය
.
මසිතින් දකිමි අයුරු
කුණුවන චෙරි ගෙඩිය
.
ගඳ ගසන චෙරි ගෙඩිය
.
පණුවන් පිරුන චෙරි ගෙඩිය
.
මම ආශාවෙන් රස බලන චෙරි ගෙඩිය
.
ප්ලාස්ටික් චෙරි ගෙඩිය
.

හර්ෂ අරවින්ද

No comments:

Post a Comment