සිතියමෙන් විතරක් දැකපු
ඉඳහිට,
චිත්‍රපටියකින් පමණක් දකින
ලස්සන රටක
නුඹ ඉන්න
අන්තර්ජාලයෙන්
දුක බෙදා ගෙන
හිනාවෙන....
නුඹ....
සයිබර් අවකාහයේ මට පෙනෙයි
හරි සීතලයි මෙහේ
රින අටයි සෙන්ට්‍රිග්‍රේඩ්
ගිනි ගහනවා මෙහේ
දහඩියයි උණුසුමයි
ලොවේ දෙතැනක
හිතේ හැඟුමන්....
සීතලට උණුහුමින්
උණුහුමට සීතලින්
දළුලවා ගෙන හැඟුම්
මල් පිපෙන්නට නොදී ඉඩ
මිදී යමි අන්තර්ජාලයෙන්
සුසුමන් සිරකරන්
කවුරුවත් හමුවුණොත්
අන්තර්ජාල මඟ....
නොකියන්න....
පෙම්වත් නොවුණ වග
පෙම්බස් නොදෙඩු බව....
කිසිවිටෙක....
පරාක්‍රම
No comments:
Post a Comment