දුක හිතෙන කතාවක්...
















බින්දකට නුඹෙ පැදුරෙ
ඇලවෙන්න දෙනවා ද?....
සිකුරු සඳ - තරු එළිය මනාපයි
නිදිබරව මගෙ දෑස අහේමයි

කවුළුවෙන් ගෙට වදින
සේපාලිකා සුවඳ
කො`දුරමින් කනට රහසක් දොඩයි
නිදන පෙම ඇහැරවන්නට හිතෙයි

ගත සිපින - පිනි වැදුන
පවන අත නෑ දොසක්
අහම්බෙන් විත් දැවටුණා තමයි
ලිහුණු හිත හැම දාම ඔහොම මයි

තරු කැකුළු තුරුළු කොට
සිහින අතුරන සඳට,
අරණලූව ගැන කිසිම නෑ වගක්..
නාවොතින් නුබ ගැබට කෝ...! හෙටක්...!

ලිහා නිදි ගැට
ඔය මුව හිනැහුණත් උදේ,
රැුය ගෙනා හීනවල සුවඳ වත්...
තවරන්න දෙනවා ද? ඇහි පිහාටුවක් අග,
කාලයට තාම නෑ තටු ඇවිත්

පන් පැදුරෙ බොඳ ඉහුණු
රටාවට දුක හීතී,
අස්වසන්නට තෙපලයි යමක්...
අමනාපයක් හේම හිතන්නට කාරි නෑ
හැබැයි ! ඒ දුක හිතෙන කතාවක්...

ජයන්ත නිමල්සිරි 

No comments:

Post a Comment