මව් කිරි සුවඳ තාමත් වෑහෙන මුවග
නැගෙනා සිනාවට හැම හදවත් වසඟ
අඳ මවුපියන්ගේ තනි නොතනියට ළඟ
ඉඳගෙන දුවේ ජීවිතයම සොයනව ද
පාන්දරම දුම්රිය පොළ වෙතට එන
කෝච්චියේ දවසේ වැඩ පටන් ගෙන
රුපියල් කාසි සත සොයමින් ළඟට එන
කඳුළක් තියා හැම ඇසක ම පිටව යන
සුරතල් කිරි දසන් දක්වා සිනාසෙන
හැඩ වැඩ කරපු පොඩි පැටවුන් ළඟට යන
නුඹට නොමැති ජීවිතයක අරුම පැන
පුංචි හිතට දැනිලා දුක හිතෙනවද
විසල් මහ මැදුරු උයනක නොපිපුණට
නුඹත් වටින කුසුමකි හැඩ දෙන ලොවට
දිනක් එයි දුවේ ලෝකය ජය ගන්ට
මමත් කාසි දී යන්නම් දුවෙ නුඹට
ළහිරු කිතලගම
No comments:
Post a Comment