යථාර්ථය













මිලට ගත් ඇඟ මස
කා දමන්න ආ ගිය
කැණහිලූන්
සෙළුවෙන්ය....
කැණහිලූනි,
කා දැමූ මා, වත
දොවා කිරියෙන්
පැනින් නහවා ගත් කල
ගෙන යා හැකිද
දෙනුවන් වන් මා පුතුන් අබියසට
කිව හැකිද? උන්ට
විකුණා මා ඇඟ මස
නොලැබූ බව රුපියල් ශත

අයුක්තිය රජ කරන
තොපේ ඔය
දැඩි සිරුර
සත් කඩට පලා
රසකර උන් බුදිවී
දනී නම් උන්ගේ මව්
දන් දුන් බව ඇඟ මස
නුඹ වැනි අදමිටු කුහකයන්ට

එල්.ඞී. චතුරිකා සූරවීර

No comments:

Post a Comment