වස්සානයේ ගොලු හදවත


 


















කසුන්.....
ජීවිතය මහා බරක් කියා
ඊයෙ හවස,
මුණ ගැහිල සුගත්
මට කිවුව....

පව්කාරකමට ජීවිතයේ....
ඇස් රතුවෙනකල් ඇඬුව
මතකය කියන තක්ෂලාවේ
තවම සුවඳ තියෙනවා....
ඈත දවස් එක්ක
මඟ බලනවා තවමත් සුගත්

කසුන්....
ඔයා අහගෙනද ඉන්නේ....

ඔයාට මං
රතුපාට ඇපල් දුන්නම
අසරණ උනාද ඔයා....

කියනවා සුගත්
වෙරලූ ගෙඞ් දම්මි දෙනකොට
සීල් කලාලූ එයාගේ ජීවිතයට
ආදරය

කසුන්
ඔය ඇස්වල
තියෙනවද අරමුණක්
ආදරය වෙනුවෙන්

සුගත්
ආදරයට
අරක්කු හොයද්දි

මොනවද ඔයා හොයන්නේ

මාර්කට් කරන විදිහ
ආදරය,
මට සුගත් ගැන දුකක් නෑ
දුක ඔයා ගැනයි

වස්සාන සිහිනයක් වගේ
අපේ ජීවිත වෙන් වෙද්දි
ආදරය තවමත් පිරෙනවා
ගොලූ-හදවතේ

තවම සුළඟ මඟ බලනවා
අපි වෙනුවෙන්
ඒත් කසුන්
ඇත්ත ආදරේ මොකක්ද කියල
ගමේ කමේ හංග ගත්තා වගේ ඔයාට හොයාගන්න වේවි
ඒ......
මොනවත්ම නිසා නෙවෙයි
මං වෙනුවෙන්වත්
 

චාපා

No comments:

Post a Comment