සත්තයි
එන්න අපි ඇවිදන් යමු
දුරින් දුරට
ඔබත් මමත්
කලු ගැහිලා
අඳුරන්නේ නැති තැනකට
එතකොට
හුස්මක් කටක් ගෙන
ආයෙත් බලමු
ආපු පාර දිහා
පුංචි සේපාලිකා
පිරිලා තියෙයි
ඔබත් මමත් විතරක්ම ඉඳීවි
එතකොට ඉස්සර වගේ කියවන්න
කන්පෙතිවලට ළංවෙලා
හුඟක් හිමින්
"ආදරේ අපිට වඩා ලොකුයි නේද
කියල"
රසොමන්
No comments:
Post a Comment