සුදු නෙළුම




















හිමිදිරි ළහිරු කිරණට
පෙම් බැඳි  පියුම මම
සහස් පත් විදා ගෙන
දසත සුවඳ කළ
සුසීතල සුදු නෙළුම මම
දහස් වර ගිනිගෙන
චණ්ඩ වූ හිරු කිරණ
ගුගුරා හැලෙන කල
අකුලා ගතිමි සහස්පත්
රුව ගුණ සිඳී
අළුව යන්නට පෙර
නමුදු,
හෙට දින
සුමුදු විලසින් නුඹ පැමිණි කල
මගේ ඉරණම
කෙසේ විසෙඳෙම් ද?

පියුමි නිසංසලා ගීගනගේ 
කරන්දෙණිය

No comments:

Post a Comment