තනිකම




















වී බිස්ස හිස්වෙලා
නැත කිසිම සැනසිල්ල
ආව ගිය නෑයො නම්
ගණන නැත නිනව්වක්
දූගෙ අත ගෑවිලා
ඔප වැටුණු හෙප්පුවෙන්
මුහුණෙ ඇති රැුළි ගණන
ඇය නිතර දකිනවා
පෙර වගේ නෑයො මෙහෙ
දැන් එන්නෙ නැති උනත්
දූ තාම කවුළුවෙන්
මාළිගා හදනවා

සමන් බංඩාර ලංසකාර
වාරියපොළ

No comments:

Post a Comment