කසළ කුණු ඉඳුල් කා තරවුණ
වුවන පිළුණු ජලයෙන් සෝදන
විසුල වර්චස් සුවඳ තවරන
නුඹය නගර ගම්දොර හැඩ කළ
රුපියලකින්වත් වැටුපක් නොලබාම
ජරාව මැද වුව "ජරාව" නොපතාම
කරනා සේවය අහිතක් නොසිතාම
බලනු මැන මිනිසුනි දෙ ඇස නොවසාම
සඳලූතලෙන් දමන කුණු
හෝටලයෙන් වැටෙන කුණු
මැද මාවතෙන් දමන කුණු
නිදන හැටි නැතිව බෙදී
වීදියේ දරුවනට පියතුමෙකී
බත් කවන බත බෙදන මව් කෙනෙකී
වීදියේ සතුනට පෙම්වතියකී
හදවත පුදන ළෙන්ගතු මිතුරෙකී
ජයන්ත ග. ජෝතියරත්න
No comments:
Post a Comment