පිරුවටය




















උතුමන්ට වඩින්නට
එලු පාවඩ මතින්
දමාගිය කාසියට
අම්මෙ ඔබ ගැති වුණේ
උතුමන්ගෙ හිස මතට
නොවැටෙන්න කැත කුණුත්
වියන් බැඳ රැකවරණ
ලැබ දුන්නෙ ඔබ අම්මෙ
උතුමන්ගෙ සියලූ පිළි
සෝදලා කුණු යන්න
රැකදුන්නෙ සොඳුරු බව
ඔබ නේද සුදු අම්මේ
සිප් සතර හදාරා
ලැබ අරන් උපාධිය
බැඳුණු හැම බැමි වලින්
අම්මෙ ඔබ මුදන්නම්

සමන් බංඩාර ලංසකාර
වාරියපොළ

No comments:

Post a Comment