ඔන්න ඉතින්
වාරකං වගේ
හිත හරිම බයයි
ඔය ඇස් දැක දැක
කතා නොකර ඉන්නෙ මං
ඒත් බෝසත් නෙවෙයි
ඔය දෙකොපුල්
සිපගන්න ආසයි
ඒත් අපි තරහයි
ආයිමත් රේල්පීලි දෙකක්
සිල්පරකොට ආදරේ ගැලවිලා
නැහැ
බොරුවට ගලවල
මං තවම එහෙමමයි
අනිමිස ලෝචනයෙන්
ඔබ රවාගෙන
ආයෙත් මහ වරුසාවෙන්
කාමරේ ජනේලෙ තෙමෙන්න ගත්තා
මං පොරෝනෙ ගුලිවුණා
ලයිට් නිවපු කාමරයක
ඇස් දෙකක්
ගිනිගන්නවා
රසොමන්
No comments:
Post a Comment