අනාගත්තා නේද සර් මේ පාරත් ආය












යන එන මං නැතිව ඉද්දි කටු හපමින්         ණයට
ඇමති ගාතෙ වල`දන්නට පැන්න හනික     මෙහෙට
පෙරට වඩා කුර කට්ටකි හම්බ වුණේ     කටට
හැකර කටේ දත කට දැන පූට්ටු ඇයි     එකට

මවාදෙන්න ආශ්චර්ය අපේ කැම්පස්     වලට
නිරිඳු කියපු දේට වඩා වැඩිපුර කළ     පවට
ගහපු සියලූ ගැට පාරා වළලූ වීය     ඔබට
ළඟදිම වෙද ගැටයක් හිර වේවී ඔබේ     ගෙලට

කන බොන හැටි උගන්නන්න කැම්පස් එන     උන්ට
පුංචි පැටවු කොටු කෙරුවනෙ ආමි කෑම්ප්     වලට
ඩිගිරිය පෙනි පෙනී ගන්න තියෙන අතේ     දුරට
කළු කබාය දණගැහුවනේ යකඩ     සපත්තුවට

මුල් බැජ් එක අටදාහයි තුන්වෙනි එක     හත්සීයයි
පුංචි උන්ගේ කෙඳිරිල්ලයි සමනළියක්     වළපල්ලෙයි
වතුර වගේ ඉවර උනේ මිලියන ගණනක්     සල්ලියි
ඛෙරෙයි පළුයි දෙකම නැතුව සර්ගේ බෙරේ දැන්     එල්ලෙයි

කෝටි ගණන් විමාන පිට මහ වේගෙන්     යාය
පාරේ යන අහිංසකයෝ ඒවට බිලි     වේය
වැඩේ වහන්නට කී බොරු අත උඩ පැල     වීය
අනා ගත්ත නේද සර් මේ පාරත්     ආය

ධම්මන එරංග
කැලණිය විශ්වවිද්‍යාලය

No comments:

Post a Comment