ඉඩ හරිමි පවනට
රුදුවන්ට රිසිසේ ම
වෘද්ධ පත් පමණකුදු නොව
ළදැල්ලත් රිදවන්ට
ස්වර්ගයේ දොරු අභිමුව විළිලූ
පුෂ්පයෝ මෙන් ම
නිරයට වරපත් ලද
මූල මඬුළු ද මුලිනුපුටා දමන්ට
ඈ ගත සුව කැන්දු
දැවමුවා අස්න ද
සුනුවිසුනු කරලන්ට...
අනේ සුළෙඟේ එන්න
ඔද තෙද බල සන්නාහව
මේ සියල් වනසන්න
ලය බුර බුරා නැගෙන ලැව් ගින්න
ගුණිත කොට මා දවා හවුළුවන්න
ඇය නොමැති තුඟු සෙවන සිහිලස
ඉඳින් ඵලක් වෙද අදින් පසු ?
අදය ඒ දවස
නොදැකම සතර පෙරනිමිති කිසිත්
ඇය මා අතැර ගිය........
අසංක නිරෝෂාන් ගුරුගේ
No comments:
Post a Comment