සතුටු කඳුළු පේ‍්‍රමය

නෑකමකි එය, පේ‍්‍රමයකි එය
සදා නොමැකෙන්නා වූ .............
හදවතේ පතුලට ම කිඳා බැස ගිය.
මුවින් නොපවසා හිතින් පමණක් පෙම් කළා ඔහුට
ජීවිතය පුරාවට, ඔහුටත් හොරෙන්.
සඟවා සිටි පේ‍්‍රමයට, ලැබුණු දායාදය .....
ඔහු වෙන කෙනෙකු සමග
පෙමින් වෙලී සිටින බැව් අසන්නට ලැබීමද .....
ඉනික්බිති ව .....
පෙම් කරමි ඔහුට දිවි ඇති තුරා
තිබූ සහෝදරකම් පෙරදැරිව,
අසම්මත පේ‍්‍රමයෙන් තොර ව.
මා, ඇය වෙත ඔහු භාර කරමි.
එක සිතින් ම .........
කුහකකමකින්, වෛරයකින් තොර ව.
ඒ ..................
සැබෑ පේ‍්‍රමයේ අරුත පරිත්‍යාගයක් ම වන නිසා.

උපේක්‍ෂි  

No comments:

Post a Comment