පොඩි හාමුදුරුවෝ...........











පෝය දාට නුඹ ආවම විහාරෙට
මගේ සිත වඩී බුදුගෙට පෙර පුරුද්දට
දැල්වෙන පහන් අතරින් නෙත් දුටුවාම
ඇත ලතවුලක් කහ සිවුරක් දැරුවාට

අහසේ වලා පත් තිබුනට සුදු පාට
එය අළු පැහැය වෙයි හිරිකඩ ඇති දාට
නිවන දකින්නට පාරමී පිරුවාට
නාඹර සිතට බුදු බණ මදි වූවාද

වන ගත වෙන්න රැයකදි මම සිතුවාට
ලොකු හිමි දෙන්නෙ නැහැ අවසර පැතුවාට
අට ලෝ දහම දැන සිටියට හැමදාක‍
තව හැර යන්නෙ නැහැ සිත නොලැබෙන දේට

රූ

No comments:

Post a Comment