අවසන් හුස්ම

සිත් පිත් නැති උණ්ඩය
හබා විත් රිංගුවේ හදවතට
අඩවන් කරමින් නෙත්
වේදනාදී
ඈත පිටිසර ගමක
කඩුලු ඉස්මත්තට වී නෙතු
අයා ගෙන සිටින
මහලු ගැහැණිය
නොදනී
මේ මොහොතේ ඇය
සිහිකරමින් එකම පුතු
අවසන් හුස්ම හෙලමින්
යුධ බිමේ වැතිර සිටින
බව
                                 
සාර

No comments:

Post a Comment