ගති සොබා..















හොට පැටලි දම් පාට - බෝවිටිය ගෙඩි පතර
තරගයක පොඩි මලිති පැටව් - පැන අතු අතර,
නිකට මත තබා අත-  මඳ සිනා නගා ගෙන
බෝවිටිය මලක මුව- පිණි ඛින්දුවක් විතර.....

ලද බොළඳ පියාපත් - නොදන්නෙද? නෑ.. තවම සවිමත්
හා ..  බලාගෙන.. පියඹන්නෙ අතු පිති අගට
දුකයි නුඹලා ඛිමට වැටුනොත්...

ආඩපලි ,තෙරක් නැති කිචි ඛිචියෙ
අප්පච්චි හා කුරුළු උන්දැත්..

ගං දෑල අසබඩට - වරල් පොඩි නොසලාම
හෙමි හෙමින් පියාඹන පැගිරි කුඩමසු රෑන,
අයා පොඩිි මුව-  බලාගෙන මේ හිඳින්නේ
අතු අගින් දියට බට, බොවිටිය තරු හීන..

ඛිඳක් තොලගා, දියට ලන ඉදුනු බෝවිටිිය,
ගිල දමන්නට නගන - පොරම~ල දඟ වැඩිය
රැස් වලල්ලක එතී - මුව පොවන මින් රැළට
අතු අගට ඇවිත් - තුති පුදන්නට නම්  බැරිය...

නොසරි වුනු ලෙසට - වරලකට නිල් ගුවන් ගැබ
පියාපත් දන්නවයැ - ජල තරග නගන්නට..
සොබාවක අබාගෙට දෙස් තියල වැඩක් නෑ
හෙටත් බෝවිටි පැටව් වැටෙයි ගං දිය මතට..


ජයන්ත නිමල්සිරි

No comments:

Post a Comment