හතර මායිමෙන් එහා...
















අහගෙනයි, උන්නෙ මං- සිද්දවුනු හැමදේ ම
දුන්න වී හුන්ඩුවට ආඩපලි කීවාම,
බිම බලන් මුව නොබැන, උන්නෙ ඇයි,,?

මං මැනල කිරි බොන්නෙ,
ග්‍රෑ මමී දන්නැතුව ඇති තාම..

පැය හයෙන් හය, හතාමාරෙ සිට
ඔෆිස් ගොස් මමී එන තුරාවට
අතර මැද ෆරුට් ජූස් -කෝන් ෆැලැක්ස්,

ආයම්ම මට දෙන්නෙ මැනල බව,
ග්‍රෑ මමී දන්නැතුව ඇති තාම..

දෙතනෙන් ලු තාත්තට කිරි දුන්නෙ,
වැහැරෙන්න ඒකමලුු පල දුන්නෙ..
එයාම ලු හෝදන්නෙ.. නාවන්නෙ
හැමදාම ඉස්කෝලෙ ගෙනියන්නෙ...

එහෙම නමී ඈ ඔෆිස් ගියෙ නැද්ද..? මමී වගෙ
සිල් අරන් බින්න මයි දොඩවන්නෙ...

ඩැඩ් එපා.. ඔව්ව හිතකට ගන්න..
සත්තකයි, මං කීවෙ දේ දන්න..
ග්‍රෑ මමිට මං කීව හොද දෙකක්
නොඑන්නට ගෙදර,
හතරමායිමක අපි ඉන්න...

ජයනි

No comments:

Post a Comment