ඔබ මට දුන්නු ආදරේ තරම්
මම ඔබට ආදරේ නොකරමියි සිතමි
යළි යළිත් ඔය සෙනෙහස
විනිවිදවමින් දකින්නට
ආදරේ සිත්පතුල වෙත
මම ඔබ සොයන ඔබ තුළ ඔබ සොයමි
ඔය සැලෙන නෙතින්ද
ඔය දයාබර හැඟුමෙන්ද
ඔබ ගුලිවෙයි මා තුරුලෙහි
ඔය උණුසුමෙන්
මා ගත උණුසුම් වෙයි
ආදරය උතුරා පිටාර ගලයි
යළි යළිත් සිහිනයක
සැතපෙමි
රසොමන්
No comments:
Post a Comment