මගේ සුසුම්...




















කලුදිය පොකුණට පුරහඳ වැටිලා
දියරැලි තාලෙට නැළවෙනවා
වළාකුලක් විත් පුරහඳ සඟවන්
සඳ රැලි දෙනෙතින් වහන් කළා....

අඳුරු වෙලා ගිය මගෙ හද පාමුල
කඳුලත් සුසමත් ඉතිරි වෙලා
මම හෙලු දුක උහුලන්නට නොහැකිව
කලුදිය පොකුණත් සිඳිල ගියා....

ශෂිනි අභිමානිකා

No comments:

Post a Comment