මාතු පාදං නමාමි.....











නෙතු කඳුළු වළ ගොඩැලි මත
සිහිනෙන් වගේ නුඹෙ පියමනින හඬ
මට තාම ඇහෙනවා
අම්මේ මට තාම දැනෙනවා....

පහළ ඔය අසබඩ රට අඹගහ යට
නුඹ ඉන්න පුංචි නිවහන වෙත
හැන්දෑ වෙන්න පෙර මම එන්නම්
නොයා ඉන්න මා එනතුරු....

කල්පයක් තරම් දිග නුඹ නැති විසි වසර
කඳුළින් ම දිය වෙලා ඉවර නෑ තව
හිරගෙදර මගෙ තනියට ළඟ නැතත් නුඹ
ආදරෙයි මහ ගොඩක් ඉස්සරටත් වඩා මම....

1991.08.14 වැනි දින අප අතරින් සමුගත් ආදරණීය අම්මා වෙනුවෙනි....
ජගත් චන්දන අධිකාරි 
කයිකෝලේ
පොල්ගහවෙල

1 comment:

  1. මට කවි ලියන්න බැරි වුනාට රස විදින්න පුළුවන්.හරිම හොදයි.

    ReplyDelete